රු. කෝටියක් වටිනා විදේශීය මත්පැන් හා දුම්වැටි තොගයක් එස්ටීඑෆ් එකෙන් අල්ලයි

183

බියගම – සුදත් පුබුදු කීර්ති, ඇන්ටන් ප‍්‍රනාන්දු


තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුතු විදේශීය මත්පැන් බෝතල් හා දුම්වැටි තොගයක් මීගමුව දළුපොත මන්ත‍්‍රීවත්ත ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මගින් ලද තොරතුරකට අනුව මීගමුව පොලිස් වසමේ දළුපොත මන්ත‍්‍රී වත්ත ප‍්‍රදේශයේ නිවසක තිබී මෙම විදේශීය මත්පැන් බෝතල් හා දුම්වැටි තොගය සමග මෙම භාණ්ඩ සන්තකයේ තබා ගත් වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා මීගමුව පොලිස් ස්ථානයට භාරදී ඇත .

මෙහිදී විදේශීය දුම්වැටි 1,25,000 ක් වොඞ්කා වර්ගයේ මත්පැන් බෝතල් 450 ක් සොයාගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 2 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී. ආර්. පාරමුල්ලගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදු කර තිබිණි.


advertistmentadvertistment