පක්‍ෂ නායකයින්ට ප්‍රශ්න ඇසීමටත් පිළිතුරු දීමටත් මින් පසු විනාඩි 15යි – කථානායක මැති සබයට දන්වයි

78

පක්ෂ නායකයින් විසින් අසනු ලබන විශේෂ ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තු කාලයෙන් වැඩි වේලාවක් ගතවන බැවින් මින් ඉදිරියට ප්‍රශ්නය ඇසීමට සහ පිළිතුරු දීමට විනාඩි 15ක් පමණක් ලබාදෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (17දා) දැනුම් දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඊට විරෝධය පළ කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම තීරණය සාධාරණ බව කියමින් ඊට ප්‍රසාදය පළ කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment