රොම්බ තෑන්ක්ස් වැඩ අරඹයි

48

හාස්‍යයෙන් පිරුණු “රොම්බ තෑන්ක්ස්” වේදිකා නාට්‍ය සුරවි එන්ටර්ප්‍රයිසස් ඉදිරිපත් කිරීමකි. උපේක්ෂා ස්වර්ණමාලි, උදයන්ති කුලතුංග ප්‍රථමවරට වේදිකා නාට්‍යක ප්‍රසිද්ධ වේදිකාවේ රංගනයෙන් දායක වෙති. තව ද රංගනයෙන් රවින්ද්‍ර යසස්, දිමුතු චින්තක, දමයන්ත පෙරේරා, ජගත් මුතුකුමාරණ, චන්න කුලරත්න, හේමන්ත ජයලත්, ජී.එම්. ශෂි සෙව්වන්දි සමග සජීව මල්මාලආරච්චිගේ රංගනයෙන් දායක වන මෙහි නිෂ්පාදනය සුසන්ත අබේරත්න. සංගීත නිර්මාණය ප්‍රදීප් ජයතිලක. වේශ නිරූපණය ප්‍රේම් ජයන්ත කපුගේ. වේදිකා පරිපාලනය සනත් ජානක හේරත්. වේදිකා ආලෝකකරණය හා තාක්ෂණික ශබ්ද තරංග මිහිඳු මදුසංඛ m2 සවුන්ඩ්ස්. පසුතල නිර්මාණය අජන්ත අලහකෝන්. වේදිකා සැරසිලි රෝහණ හේවාවිතාරණ. නර්තන නිර්මාණය නීලාන් මාලී ගැස්ප සහ ඡායාරූපකරණය දයාවංශ විජයලත්, ධම්මික ප්‍රතිරත්න දායක වන මෙකී නාට්‍යයේ මුහුරත් උත්සවය පසුගිය දා බොරැල්ල Y.M.B.A. ශාලාවේදී පැවැත්විණි. දිවයින පුරා දර්ශන ගණනාවක් ඇති මෙහි මංගල දර්ශනය අගෝස්තු 10 වැනිදා ප.ව. 3.30ට සහ ප.ව. 6.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කිරීමට කටයුතු සූදානම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment