ලබන 31 තෙක් පළාත් 5කට වැසි – සුළං දිගටම – දිස්ත්‍රික්ක 19ක හතළිස් හතර දහසක් පීඩාවට

64

කළු – ගිං-නිල්වලා – කැලණි – අත්තනගලු ඔය පිටාර මට්ටමේ

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් පහකට තවදුරටත් පවතින වැසි හා සුළං තත්ත්වය ලබන 31 වැනිදා තෙක් පවතින බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. 31 වැනිදා අඩු වුවත් නැවත ජුනි 01,02,03 යන දිනවල වර්ෂාව වැඩිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණ පළාත්වලට බලපාන බවත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාර්්‍යයේ නියුතු කාලගුණ විiාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසීය.

උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ‘රෙමාල්’ සුළි කුණාටු තත්ත්වය පහව ගියත් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, කල්පිටිය, කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි නිසා නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 – 3.0 දක්වා ඉහළ යා හැකි බව පැවසේ. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ)

ගම්පහ, මහනුවර, පුත්තලම, කොළඹ, රත්නපුර, කෑගල්ල, අනුරාධපුරය, ගාල්ල, කළුතර, යාපනය, හම්බන්තොට, බදුල්ල, මාතර, කුරුණෑගල, නුවරඑළිය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, මුලතිව් යන දිස්ත්‍රික්ක 19ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 176කට බලපා තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයෙන් පවුල් 11,548ක පුද්ගලයන් 43,792ක් පීඩාවට පත්ව ඇති බවට වාර්තා වී ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 07ක්, තුවාල සිදුවීම් 15ක්, නිවාස අර්ධහානි 3457, නිවාස පූර්ණහානි 15ක් වාර්තා වී ඇත. පීඩාවට පත්වූවන්ගේ පවුල් 123ක පුද්ගලයන් 473ක් ඥාති නිවාසවලද, පවුල් 621කට අයත් පුද්ගලයන් 2335ක් ආරක්ෂක ස්ථාන 17ක රැඳවීමට පියවර ගෙන ඇත. මරණ හත පුත්තලම 03ක්, රත්නපුර 01ක්, නුවරඑළිය 01ක් සහ බදුල්ල 01ක් ලෙස වාර්තා වී ඇත. මෙම මරණ 07ම ගස් කඩාවැටීම නිසා සිදුවී ඇත.

කොළඹ ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා දෙවැනි ගණයේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. (අවදානම් මට්ටමේ)

පවතින වර්ෂාපතනයත් සමඟ කළු, ගිං, නිල්වලා, කැළණි ගංගා හා අත්තනගලු ඔය ජලයෙන් පිරී පවතින අතර තවදුරටත් වර්ෂාව පතිත වුවහොත් එම ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම්වල ජනතාව වඩා සැලකිල්ලෙන් පසුවන ලෙසද වාර්මාර්ග අධ්‍යක්ෂ එස්.වී.සී. සුගීෂ්වර මහතා ඉල්ලා සිටියේය. මෙම ගංගා සහ අත්තනගලු ඔය භාවිත කිරීමත් අවදානම් බවද ඒ මහතා පවසයි.

එමෙන්ම දැදුරු ඔය කැළණි ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ, කුකුළේ ගඟ ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බවත් එයින් නිකුත් කරන ජල ධාරිතාව හේතුවෙන් පහත් බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමට හැකි නිසා එම මාර්ග භාවිතා කරන ජනතාව හා රියැදුරන් සැලකිලිමත් වන ලෙසද සුගීෂ්වර මහතා ඉල්ලා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment