ලියාපදිංචියට දන්සල් 27,000ක්

54

මෙවර වෙසක් තෙමඟුල වෙනුවෙන් දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 350කදී දන්සල් විසිහත් දහසකට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳුන් හේමන්ත රත්නායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.

ඉන් වැඩියෙන්ම ලියාපදිංචි වී තිබුණේ බත්, ෆ්‍රයිඩ් රයිස් හා බීම දන්සල් බවද ඒ මහතා කීය.

දන්සල් වැඩිම ප්‍රමාණයක් පැවැතියේ බස්නාහිර හා උතුරු මැද ප්‍රදේශවල බවද හේ සඳහන් කළේය.

උතුරු හා නැඟෙනහිර පළාත්වල දන්සල් සඳහා ලියාපදිංචියක් ගෙන නොතිබීම විශේෂත්වයක් වී තිබූ බවද හේ කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment