ලෙබනනයේ සාමසාධක රාජකාරිවලට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළු පිටත්ව යති

2877

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම බදාදා දින දිවයිනෙන් පිටත්ව යන ලදී.

ලෙබනනයේ සාමසාධක රාජකාරිවලට ශ්‍රී ලංකා යුද හමුදා සෙබළු පිටත්ව යති

දිවයිනෙන් පිටත්ව ගිය මෙම කණ්ඩායමට විජයබාහු රෙජිමේන්තුව සහ රෙජිමේන්තු කීපයක් නියෝජනය කරමින් නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසු නිලයන් 114 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 125 දෙනෙකුගෙන් සමන්විත විය. මෙම මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ කටයුතු කරනු ලබයි. පිටත්ව ගිය හමුදා සාමාජිකයන්ට පවුල්වල සාමාජිකයන් සමුදුන් අවස්ථාද මෙහි දැක්වේ.

සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යන භට කණ්ඩායමට සුභපැතීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත යුද හමුදාව නියෝජනය කරමින් මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති සහ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ, 14 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලීන් බණ්ඩාරනායක සහ යුද හමුදා ගමන් පරිපාලන අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් අනිල් පෙරේරා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පිටත්ව ගිය භට කණ්ඩායමේ නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment