ලොරියක සඟවාගෙන රැගෙන යද්දී බිංගිරියේදී අත්අඩංගුවට ගත් අධිබල පුපුරන ද්‍රව්‍ය තොගය දෙමළ ජාතිකයන් දෙදෙනාට ලබාදුන් මුස්ලිම් ජාතිකයා අතුරුදන්ව ඇති අතර එම පුද්ගලයා සොයා ත්‍රස්ත විමර්ශන ඒකකය සහ පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු සිය නිවස අතහැර පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.
ලොරි රථයේ පිටුපස රහසිගතව සකස්කළ කුටියේ අධිබල පුපුරන ද්‍රව්‍ය, සේවා නූල් සහ ඩෙටනේටර් සඟවා ඇත්තේ මෙම සැකකරු විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.
බිංගිරියේදී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන් දෙදෙනා ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
අධිබලැති පුපුරන ද්‍රව්‍ය, සේවා නූල්, ඩෙටනේටර් තොගයක් සඟවාගෙන යමින් සිටි දෙමළ ජාතිකයන් දෙදෙනකු බිංගිරිය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
හේමන්ත රන්දුණු