ලොව පුරා වසරකට අලුත් ළමා පිළිකා රෝගීන් ලක්ෂ 4ක්

28

ලොව පුරා වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් ලක්ෂ 4ක් පමණ අලුතෙන් හඳුනාගන්නා බව කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

ජාතික පිළිකා ලේඛනයට අනුව 2021 වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන් 1032ක් වාර්තා වී තිබේ. ඒ අතුරින් පිරිමි දරුවන් 578ක් සහ ගැහැනු දරුවන් 454ක් පිළිකා රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 වසරේදී ළමා පිළිකා හේතුවෙන් මියගිය මුළු සංඛ්‍යාව 224ක් ලෙස වාර්තා වී තිබේ. ලියුකේමියා (ලේ පිළිකා) ලිම්හේමා (වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා), මොළයේ පිළිකා සහ අස්ථි ආශ්‍රිත පිළිකා ළමයින් අතර බහුලව වාර්තා වන පිළිකා වර්ග ලෙස හඳුනාගෙන ඇත.

ළමා පිළිකා හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ ලියුකේමියාව සහ මොළයේ පිළිකා හේතුවෙනි. ජාත්‍යන්තර ළමා පිළිකා දිනය පෙබරවාරි 15 වැනිදාට යෙදී තිබේ. මෙවර ළමා පිළිකා දිනයේ තේමාව වනුයේ උද්‍යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු යන්නයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment