ලෝකයේ ජනප්‍රියම නායකයා කප් එක මෝදිට

122

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලෝකයේ වඩාත්ම ජනප්‍රිය නායකයා ලෙස නැවත වරක් පත්ව තිබේ. ඒ සඳහා ඔහුට සියයට 76 ක අනුමත මනාප ප්‍රතිශතයක් හිමිව ඇත.

සියයට 61ක අනුමත මනාප ප්‍රතිශතයක් ලබාගත් මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රිස් මැනුවෙල්ට දෙවැනි තැනත්, ඔස්ටේ්‍රලියානු අගමැති ඇන්තනි ඇල්බෙන්ස්ට තෙවැනි ස්ථානයත් හිමිව ඇත. ඒ සඳහා ඔහුට හිමිව ඇති මනාප ප්‍රතිශතය සියයට 55කි.

ඇමෙරිකානු එක්සත් ජනපදය මූලික කරගත් මොර්නිං කන්සල්ටන් නමැති ආයතනය විසින් ලෝකයේ රටවල් 22ක නායකයින් සම්බන්ධව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත. මෙම ශ්‍රේණි ගතකිරීමට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන්ට හිමිව ඇත්තේ 06 වැනි ස්ථානයයි. එහිදී ඔහුට සියයට 41ක මනාප ප්‍රතිශතයක් හිමිව ඇත. බි්‍රතාන්‍ය අගමැති රිෂි සුනක්ට හිමිව ඇත්තේ 10 වැනි ස්ථානයයි. ඒ සඳහා සියයට 34ක මනාප ප්‍රතිශතයක් හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment