පළමු වටයේ ශ්‍රී ලංකාවට අවසන් තරගය අද ඉන්දියාව සමග
අවුරුදු 19න් පහළ යොවුන් කාන්තා ක්‍රිකට් කුසලානය
මැලේසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ඔ-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණයෙන් පසු ලෝක කුසලානයේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යෞවනියෝ සමත්වූහ.
ඒ අනුව අද වන විට ‘ඒ’ කාණ්ඩය යටතේ තරගවදින ඉන්දියා කාන්තා කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන පළමු තැනට පත්වී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට 2 වැනි තැන හිමිවී ඇති අතර අද පැවැත්වෙන ඉන්දියානු – ශ්‍රී ලංකා තරගයෙන් ‘ඒ’ කාණ්ඩයේ මුල් තැන ශ්‍රී ලංකාවට ද ඉන්දියාවට ද යන්න තීරණය වෙයි.
‘බී’ කාණ්ඩය යටතේ ක්‍රීඩා කරන කණ්ඩායම අතර ප්‍රසාද ලකුණු 05ක් ලබාගෙන පෙරමුණ ගන්නට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වී තිබේ. ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වදින කණ්ඩායම අතර ප්‍රසාද ලකණු 4ක් ලබාගෙන දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටින අතර ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕස්ටේ්‍රලියාව සමත්වී සිටින අතර ප්‍රසාද ලකුණු 4ක් ඔවුන් සතු කර ගෙන ඇත.