ලෝක පරිසර දිනය අද

254

ලෝක පරිසර දිනය අදට (05දාට) යෙදී තිබේ. ‘Land Restoration, desertification and drought resilience’ යන්න මෙවර පරිසර දින තේමාවයි. එය ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්’ ලෙස පරිසර අමාත්‍යාංශය මගින් සිංහලට නගා ඇත. මතු පරපුර වෙනුවෙන් පරිසරය සංරක්ෂණය කිරීම පිළිබඳව ලෝක වාසී ජනතාව දැනුවත් කිරීමට සහ දිනෙන් දින පැනනගින ගෝලීය පාරිසරික ගැටලු පිළිබඳව ලෝක නායකයින්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමුකරවීම ලෝක පරිසර දින සැමරුමේ අරමුණයි.

1972 ජුනි මස 5 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට අදට වසර 52 ක් සපිරේ. මේ නිමිත්තෙන් වන ජාතික සැමරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍යාංශයේ සහභාගිත්වයෙන් අද (05) පෙරවරු 11 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment