ලංකා බැංකුව, බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා වෙතින් දිවයිනේ අංක 1 බැංකු සන්නාමයට හිමි සහතික පත්‍රය ලබා ගනී

96

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා වෙතින් අඛණ්ඩව 14 වැනි වරටත් මෙරට අංක 1 බැංකු සන්නාමය ලෙස නම් කෙරුණු ලංකා බැංකුව වෙත එම ශේණිගත කිරීමට අදාළ සහතික පත්‍රය ප්‍රදානය කිරීම ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් හේග් මහතා විසින් අත්සන් තබා ඇති සහතික පත්‍රය, එම උත්සව අවස්ථාවේදී බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා ආයතනයේ සභාපති රුචි ගුණවර්ධන මහතා විසින් ලංකා බැංකුවේ මහා කළමනාකරු කේ. ඊ. ඩී. සුමනසිරි මහතා වෙත ප්‍රදානය කෙරුණු අතර, ලංකා බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවෝ ඇතුළු අනෙකුත් නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment