අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් අගෝස්තු 27 (අඟහරුවාදා) සිට 31 (සෙනසුරාදා) දක්වා පේරූ රාජ්‍යයේ ලීමා නගරයේ දී ක්‍රියාත්මක කෙරන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකු සහභාගි වෙති. ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් සහ ක්‍රීඩිකාවන් 02 දෙනකුගෙන් සැදුම්ලත් වන ශ්‍රී ලංකාව ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම අවස්ථා තුනකදී පේරූ රාජ්‍ය බලා පිටත් යෑමට සැළසුම් කර තිබේ.
මෙවර තරගාවලියේ දී මෙරට ක්‍රීඩකයන් මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 100×4 සහාය දිවීම, උස පැනීම, මීටර් 110 කඩුළු මතින් දිවීම, මීටර් 400 කඩුළු මතින් දිවීම යන ඉසව් නියෝජනය කරන අතර ක්‍රීඩීකාවන් දෙපළ මීටර් 400, දුර පැනීම සහ තුන් පිම්ම ඉසව්වලට සහභාගි වෙති.
මෙරෝන් විජේසිංහ (මීටර් 100 සහ මීටර් 100×4 සහාය), දෙනෙත් වීරරත්න (මීටර් 100 සහ මීටර් 100×4 සහාය), ඉඳුසර විඳුෂාන් (මීටර් 200 සහ මීටර් 100×4 සහාය), කෞෂාල් තමෙල් (මීටර් 200 සහ මීටර් 100×4 සහාය), අයේෂ් මිරංග (මීටර් 100×4 සහාය), ජත්යා කිරුළු (මීටර් 400), අයොමාල් අකලංක (මීටර් 400 කඩුළු මතින් දිවීම), ලෙසඳු අර්ථවිදු (උස පැනීම), තරූෂ මෙන්ඩිස් (උස පැනීම), සඳුන් කෝෂල (මීටර් 110 කඩුළු මතින් දිවීම), ජිත්මා විජේතුංග (මීටර් 400) සහ මදුෂානී හේරත් (දුර පැනීම සහ තුන් පිම්ම) මෙවර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙති.
මෙවර කණ්ඩායමේ කළමනාකරු ලෙස චන්දන ඒකනායක මහතා කටයුතු කරන අතර භද්‍රා ගුණවර්ධන මිය (පුහුණුකාරිණී), අනුර බණ්ඩාර මහතා (පුහුණුකරු), එම්. ජී. ක්‍රිෂාන්ත කුමාර මහතා (පුහුණුකරු) ධම්මිකා කුලතුංග මිය (ක්‍රීඩිකාවන් භාර නිලධාරිණි) සෙසු නිලධාරි මහත්ම මහත්මාවන් වෙති.
මෙතෙක් පවත්වා ඇති ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසය තුළ එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී නොමැත. එහෙත් 2008 වසරේදී පිරිමි මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ෂෙහාන් අඹේපිටිය සමත් වන අතර වාරයේ දී 2022 වසරේ දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ හත්වැනි ස්ථානය දිනා ගනිමින් කැපී පෙනෙන්නට රුමේෂ් තරංගට හැකි විය.
මෙම තරග සංචාරය සඳහා වන වියදම ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ක ලබා දී තිබීම විශේෂත්වයකි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර , ඡායාරූප – නිෂේන්ද්‍ර සිල්වා