වකුගඩු රෝගීන්ට රුපියල් 7,500ක දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජයේ තීරණය මෙම මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව දෙසැම්බර් මාසයෙන් පසුව එම දීමනාව කප්පාදු කිරීමට සූදානම් බවට පළවී ඇති වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය කරුණු මත පදනම් ව ඇති බව ද එම අමාත්‍යාංශය පවසයි.
රජය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන්, සවිබලගැන්වීමේ වැඩසටහන් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීමක් මේ දිනවල සිදුකරන නමුත් එමගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් කිසිදු අයුරකින් අහිමි කිරීමක් සිදු නොවන බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244ක් මෙරට සිටින බවත් එම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බැවින් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වැදගත් බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.