ඔය කියන තරම් විරෝධයක් නාවලපිටියේ තිබුණේ නැහැ

162

නාවලපිටියේ පෙරේදා (16දා) ඔය කියන තරම් සිදුවීමක් වුණේ නැහැ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

 සජබ කෙනෙකු තණකොළ මිටි කිහිපයක් තැනක තබාගෙන පින්තූරයක් ගෙන තිබුණා. 80 ක් පමණ පිරිසක් ඔය කියන විරෝධයට ගිහින් තිබුණා.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිසාර්ථකව බාධාවකින් තොරව හා උපරිම ජනතා සහභාගිත්වයකින් ජනහමුව පෙරේදා පැවැත්වුණා. මහින්ද රාජපක්‍ෂ මහතාත් ඒ ගැන සතුටු වුණා. කවර ප්‍රශ්න ආවත් ජනතාව පොහොට්ටුව සමග සිටින බව පෙරේදා අපි ඔප්පු කළා යැයිද මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment