වෙල්ගමගේ, මනෝගේ හා විගීගේ පක්‍ෂ මැ. කො. පිළිගනී

186

නව දේශපාලන පක්‍ෂ 03ක් ලියාපදිංචි දේශපාලන පක්‍ෂ ලෙස මැතිවරණ කොමිසම විසින් ඊයේ (11 දා) පිළිගෙන ඇත.

හිටපු ඇමැතිවරයකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්‍ෂය, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප‍්‍රගතිශීලී සංධානය හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් කුට්ටනී පක්‍ෂයත් පිළිගත් නව පක්‍ෂ වෙයි.

2021 වර්ෂය සඳහා දේශපාලන පක්‍ෂ 40ක් ලියාපදිංචියට අවසර ඉල්ලා තිබූ අතර ඉන් ලියාපදිංචියට අවසර ලැබී ඇත්තේ මෙම පක්‍ෂ 3ට පමණි.

නව පක්‍ෂ 3 පිළිගැනීමත් සමග මැතිවරණ කොමිසම යටතේ ලියාපදිංචිය ලැබූ පක්‍ෂ ගණන 79 දක්වා වැඩිවී ඇත.

රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment