වඩිවේල්ගේ පොලූ කතාවට රනිල් හරස් වෙයි

262

රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු කාර්යාලයට හිටපු එජාප ඇමැතිවරුන් වන සාගර රත්නායක, රුවන් විජේවර්ධන, නවීන් දිසානායක යන මහත්වරුන් ඇමැති ආරක්‍ෂකයන් සහ පොලූ මුගුරු රැගෙන පැමිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ලේකම් සමගි ජනබලවේගය මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කළේය.

එහිදී ඊට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද මැදිහත්වීම හේතුවෙන් එම විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිණි. විටෙක රනිල් වික‍්‍රමසිංහ මහතා ‘‘මේ පිස්සාට වාඩිවෙන්න කියන්න’’ ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

වඩිවේල් සුරේෂ් මහතා විසින් නඟනු ලැබූ වරප‍්‍රසාද ප‍්‍රශ්නය අනුව පසුගිය 08 වැනිදා සාගල රත්නායක, රුවන් විජේවර්ධන, නවීන් දිසානායක යන මහත්වරුන් ඇමැති ආරක්‍ෂක නිලධාරීන් ඇතුළු වෙනත් පිරිසක් ද සමගින් යකඩකූරු සහ පොලූ රැුගෙන ජාතික වතු කම්කරු සංගමයේ කාර්යාලයේ දොරවල් කඩා ඇතුළු වූ බවට සඳහන් විණි.

එම සාමාන්‍ය පුද්ගලයන් ඇමැති ආරක්‍ෂකයන් සමඟ පැමිණ කාර්යාලයට පහරදීම මෙන්ම තර්ජනය කිරීම ආදිය හේතුවෙන් තමන්ට ජීවිත තර්ජනයක් ඇති වූ බැවින් ඒ පිළිබඳව වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කළ ද මෙතෙක් කිසිම පියවරක් නොගැනීම මගින් සිය වරප‍්‍රසාද කඩවූ බව ද හෙතෙම කීවේය.

මෙහිදී නැඟීසිටි රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. මේ සංගමය සම්බන්ධයෙන් නඩුවක් තිබෙනවා. ඊට පසුගියදා තාවකාලික විසඳුමක් ලැබුණා. ඒ අනුව යෝගරාජන් මහතා පත්කරන්න. මේ මන්ත‍්‍රීතුමාත් ඇවිත් ප‍්‍රශ්නයක් මතුවුණා. මෙතැන උසාවියට අපහාස කිරීමේ චෝදනාවක් තිබෙනවා. උසාවි තීරණයක් තිබෙද්දී අපි මේවා ගැන මේ සභාවට හෙළි කළේ නෑ. මෙතන වෙන ප‍්‍රශ්නයක් තිබෙන්නේ. (වඩිවේල් සුරේෂ් මහතා ඝෝෂා කරයි.)

රනිල් වික‍්‍රමසිංහ මහතා – වාඩිවෙන්න කියන්න මේ පිස්සාට

කථානායක – කරුණාකරලා වාඩිවෙන්න. මෙතුමාට කතා කරන්න ඉඩ දෙන්න.

(වඩිවේල් සුරේෂ් මහතා ඝෝෂා කරයි.)

රනිල් වික‍්‍රමසිංහ මහතා – උසාවිය ගැන අපි පාර්ලිමේන්තුවේ කතා කළේ නෑ. කරුණු හෙළි කළේ නෑ. ස්ථාවර නියෝගවලට විරුද්ධයි. මෙතැන මුදල් ප‍්‍රශ්නයක් තිබෙනවා. මම ඒ ගැන හෙළි කරන්නේ නෑ.

හරින් ප‍්‍රනාන්දු මහතා- වඩිවේල් සුරේෂ් මන්ත‍්‍රීතුමා වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතුකළේ. මෙතැන නඩුවක් තිබෙනවා. ඒක සත්‍යයි. මෙතුමා දැන් කිව්වේ ඇමැති ආරක්‍ෂාව සහිතව කාර්යාලයට කඩාගෙන ආපු එක ගැන. අපිටත් මේ ගැන ප‍්‍රශ්නයක් තිබෙනවා. රුපියල් මිලියන 100 කට වඩා මුදල් එතැන තියෙනවා. අපි ඒක හොරා කන්නේ නෑ. මෙතැන තියෙන්නේ වැලිකඩ පොලිසියට දාපු පැමිණිල්ලට අඩු තරමේ පරීක්‍ෂණයක්වත් කළේ නෑ කියලයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment