ලබන යලට ඇමරිකාවෙන් මඩ පොහොර මෙටි්‍රක් ටොන් 36000 ක්

84

වී වගාවට අවශ්‍ය මඩ පොහොර (TSP) පොහොර මෙටි්‍රක් ටොන් 36,000ක් ආධාරයක් වශයෙන් ලබන යල කන්නයේදී අපේ රටට ලබා දීමට ඇමෙරිකන් ආධාර ආයතනය (USAID) එකඟතාව පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එම පොහොර අපනයනය යුක්රේනය විසින් අත්හිටුවා ඇති නිසා මෙවර මහ කන්නයට ලබා ගැනීමට අපහසු බවත් ලබන යල කන්නය සඳහා ස්ථිර වශයෙන්ම ගොවීන්ට නොමිලයේ එම පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වී වගාවට අවශ්‍ය යූරියා, බණ්ඩි පොහොර හා ත්‍රිත්ව සුපිරි පොහොර හෙවත් මඩ පොහොර ලබා දීමට කටයුතු කිරීමේ දී රටේ ආර්ථික අර්බුදය දැඩිලෙස බලපෑම් එල්ල කළත්, මේ වනවිට වී හා බඩඉරිඟු වගාවට අවශ්‍ය සම්පූර්ණ යූරියා පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට රජයට හැකි වූ බව ද අමාත්‍යවරයා පැවසීය.

2022/23 මහ කන්නයට අවශ්‍ය පොහොර බෙදාහැරීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment