වත්තල ගබඩාවක සිනි මෙටි‍්‍රක් ටොන් 4800 ක්

197


වත්තල පොලිසිය විසින් ඉකුත් 28දා වත්තල මාබෝල ප‍්‍රදේශයේ කළ හදිසි සෝදිසි කිරිමකදි එම ප‍්‍රදේශයේ පිහිටි මහා පරිමාණයේ ගබඩාවක ගබඩාකර තිබු සිනි මෙටි‍්‍රක් ටොන් 4800 සොයා ගෙන ඇත. කැලණිය කොට්ඨාසය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි රෝශාන් ඩයස් මහතාගේ උපදෙස් පිට වත්තල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක ලලිත් සිලෝගම මහතා ගේ ප‍්‍රධානත්වයෙන් වත්තල පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලිම සිදු කොට ඇත.


advertistmentadvertistment