වලසාට තැබූ වෙඩිල්ල සහෝදරයාට පත්තුවෙයි

306

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප‍්‍රාන්තයේ වැසියකු සිය වත්තට පැමිණි කළු වලසකුට වෙඩි තැබීම සඳහා සිය තුවක්කුව සූදානම් කිරීමේදී අත්වැරදීමකින් එය පත්තු වීමෙන් එම තැනැත්තාගේ සහෝදරයා මියගොස් තිබේ. සිය තුවක්කුවට පතරොම් පිරවීමේදී අත්වැරදීමකින් වූ වෙඩි තැබීම සිදුව ඇති අතර අනතුරුව එම තැනැත්තා සිද්ධිය පිළිබඳව හදිසි සේවා අංකය වන 911ට අමතා පොලිසියට දැනුම් දීමෙන් පසු සිය තුවක්කුවෙන් වෙඩි තබා ගෙන මියගොස් ඇති බව පොලිසිය විසින් අනාවරණය කර තිබේ.

ඔරිගන් ප‍්‍රාන්තයේ ජොසපින් ග‍්‍රාමයේ පිහිටි සනී වැලි යන ප‍්‍රදේශයේදී ඉකුත් අඟහරුවාදා දිනයේ (08* මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර පොලිසිය සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණෙන විට වෙඩි වැදී මියගිය සහෝදරයන් දෙදෙනාගේ සිරුරු බිම තිබෙනු දක්නට ලැබී ඇත. කළු වලසාගෙන් සිය දේපල ආරක්ෂා කරගැනීම සඳහා එම වලසාට වෙඩි තැබීමට තමා තුවක්කුව සූදානම් කළ බව වෙඩි තබාගෙන මියගිය තැනැත්තා දුරකථන ඇමතුම හරහා පොලිසියට පවසා තිබේ. පොලිසිය විසින් මෙතෙක් මියගිය සහෝදරයන් දෙදෙනාගේ අනන්‍යතාවය හඳුනාගෙන නොමැත.


advertistmentadvertistment