වවුනියාවේ රෝහල් සේවකයා වාට්ටුවක් තුළ ගෙල වැලලාගෙන

56

මානසික ආතතියකට අංක 12 වාට්ටුවට ඇතුළත්ව ඉඳලා

වවුනියාව මහ රෝහලේ සේවකයකු රෝහල් වාට්ටුවක් තුළ ගෙල වැලලාගෙන මිය ගොස් සිටියදී ඔහුගේ මළ සිරුර රෝහල් සේවකයින් පිරිසක් සොයා ගෙන තිබේ. වවුනියාව මහ රෝහලේ කාලයක්ම ගේට්ටු මුරකරුවකු ලෙස සේවය කරමින් සිටින මොහු මානසික ආතතියක් මත රෝහලේ අංක 12 දරණ වාට්ටුවට ඇතුළත් කොට තිබේ.

ඔහු එම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී වාට්ටුවේ කෙළවරක ගෙල වැලලා ගෙන මිය ගොස් සිටියදී රෝහල් සේවකයන් පිරිසක් ඒ බව දැක රෝහල් පොලිසියට පැමිණිලි කොට තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වවුනියාවේ නොචිමොට්ටෙයි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කේ. ජිවරාජා නමැත්තෙකි.

වවුනියාව පොලිසිය හා රෝහල් පොලිසිය එක්ව මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment