වවුනියාව රෝහලට කොවිඩ්

344

වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු, හෙදියන් හතර දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් නව දෙනෙකු ඇතුලුව පුද්ගලයින් 87 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් අද (11දා) දින තහවුරු වී තිබේ.

වවුනියාවේ ප්‍රාදේශීය රෝහල් වලට අනුයුක්තව සේවය කරණ සෞඛ්‍ය නිලධාරීන් විශාල පිරිසක් කොරෝනා රෝගීන් බවට පත් වීමත් සමගම පළාත පුරා දැඩි ආරක්ෂණ ක්‍රමවේදයක් ආරම්භ කොට ඇත.

මේ වන විට වවුනියාවේ බොහෝ රෝහල් වලට අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා කවර හෝ පුද්ගලයින්ට අතුලු වීම තහනම් කොට තිබේ.


advertistmentadvertistment