වායු දූෂණය පිටුදැකීමේ දිනය අද

27

ලබන මස 5 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් ‘ඵලදායී භූමි පරිභෝජනය තුළින් සුවබර දෙරණක්’ යන තේමව ඔස්සේ පරිසර දිනය සැමරීමේ සතියක් රජය මගින් ක්‍රියාවට නගා ඇති අතර මැයි 31 දිනය (අද) වායු දූෂණය පිටුදැකීම වෙනුවෙන් වෙන්කරන ලද දිනය ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නම් කර ඇත.

මෙහි ප්‍රධාන වැඩසටහන මැයි 31 දින (අද) පරිසර අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල, මධ්‍යම පරිසර අධිකාරිය හා සහයෝගීව සංවිධානය කර ඇත.

ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල මගින් දිවයින පුරා දැනුවත් කිරීමේ හා වාහන අහඹු පරීක්ෂා කිරීමේ වැඩසටහන් රාශියක් මැයි 28 දා සිට 31 දා දක්වා ක්‍රියාත්මක කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාවේ වායු දූෂණය සඳහා ප්‍රධාන හේතුකාරකය වී ඇත්තේ වාහනවලින් පිට කරන විෂ දුම් වන අතර එම තත්ත්වයන් මනාව කළමනාකරණය කර ගැනීම උදෙසා වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් මෙවැනි ව්‍යාපෘතීන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් ඇත.

යාපනය ආශ්‍රිතව ඉහළ යමින් පවතින වායු දූෂණය කළමනාකරණය කර ගැනීම සඳහා වැඩසටහන් කිහිපයක්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට වාහන වායු විමෝචන භාරකාර අරමුදල දැනටමත් කටයුතු සූදානම් කරමින් ඇත.

මේ දිනවල යාපනය ප්‍රදේශයේ වාහන වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව ද අරමුදල පවසයි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment