පොල් ව්‍යාපාරිකයාගේ පවුලම කාමරයකට දාලා කෝටි 11/2ක් සුද්ද කරලා

472

මාදම්පේ පොල් ව්‍යාපාරිකයකුගේ නිවසට (19 දා) මහ වැස්සේ ඇතුළු වූ සොරුන් හතර දෙනෙකු එම පවුලේ මව, දියණියන් දෙදෙනා සහ පුතා කාමරයක දමා දොර වසා එම නිවසේ තිබූ කාමර දෙකක තිබූ රුපියල් කෝටි 1 1/2ක් පමණ මුදල් සහ රන් අභරණ පැහැරගෙන ගොස් ඇත.

පොල් මිලට ගැනීම සඳහා එක කාමරයක තිබූ රුපියල් ලක්ෂ 27ක මුදලක් ද ඉඩමක් මිලට ගැනීම සඳහා අතින් කාමරයේ තිබූ රුපියල් ලක්ෂ තිහක මුදලක් ද රත්තරන් පවුම් 55ක පමණ ප්‍රමාණයක් ද මෙම කල්ලිය පැහැරගෙන ගොස් ඇත.

මෙදින සවස අධික වර්ෂාව නිසා අහල පහල කිසිවෙකු මෙම සිද්ධිය පිළිබඳව නොදැන සිටි බව පොලිසිය කියයි.

මෙම සොරුන් හතරදෙනා වෑන් රියකින් පැමිණ ඇති අතර ඔවුන් එම පවුලේ උදවිය බියගන්වා ඇත්තේ ගිනි අවියක් පෙන්වා බව පොලිසිය කියයි.

මෙම සැකකරුවන් පළාගිය වෑන් රිය පිළිබඳව පොලිසියට දැනටමත් වැදගත් තොරතුරු රැසක් ලැබී ඇත.

නෝමන් පලිහවඩන සහ මාදම්පේ – කමල් ප්‍රියංකර

advertistmentadvertistment
advertistmentadvertistment