විදේශිකයන් 6 ක් සමග කෝටි 225ක හෙරොයින් මුහුදෙන් අල්ලයි

289

* ලංකාවට එව්වේ ඩුබායිහි සැගවී සිටින ජාවාරමෙක්

පාකිස්තානයේ සිට මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට ලබාදීම සඳහා ට්‍රෝලර් යාත‍්‍රාවකින් රැුගෙන එමින් තිබූ රුපියල් කෝටි 225 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ විදේශිකයන් 6 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

ශ‍්‍රී ලංකාවට දකුණින් මුහුදු සැතපුම් 900 ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී මෙම හෙරොයින් තොගය රැුගත් ට්‍රෝලර් යාත‍්‍රාව අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉරාන ජාතිකයෙක් හා පකිස්ථාන ජාතිකයන් සිව් දෙනෙකු සිටින බව පොලිසිය පවසයි.

විශාල ප‍්‍රමාණයේ මලූ 7 ක බහා තිබූ හෙරොයින් තොගය කිලෝග‍්‍රෑමය බැගින් වූ පැකට්වල අසුරා තිබෙන බව ද පොලිසිය කියා සිටියි. මෙම මත්ද්‍රව්‍ය ශ‍්‍රී ලංකාවට එවා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු විසින් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සිදු කළ විමර්ශනයකදී මෙම හොරොයින් ජාවාරමේ අතරමැදියකු ලෙස පෙනී සිටි ඔත්තුකරුවකු හඳුනාගෙන ඇත.

එම ඔත්තුකරුගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ සිදුකළ මෙහෙයුමකදී මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ සුල මුල හෙළිකරගෙන ඊට සම්බන්ධ සැකකරුවන් සහ හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙරොයින් තොගය සහ යාත‍්‍රාව බොහෝ විට හෙට (14 වැනිදා* වනවිට ශ‍්‍රී ලංකාවට රැුගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුනු
 

advertistmentadvertistment
advertistmentadvertistment