වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රටේම ගුරුවරු 26 දා කොළඹට – ස්ටාලිං කියයි

29

අසනීප නිවාඩු වාර්තා කරමින් ජුනි 26 වැනිදා පෙරවරු 11ට සමස්ත ගුරුවරුන් හා විදුහල්පතිවරුන් කොළඹට පැමිණෙන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ජෝෂප් ස්ටාලිං මහතා “දිවයින” ට ඊයේ (19දා) පැවැසීය.

ගුරු වැටුප් විෂමතාවය විසඳීමට බලධාරීන් පියවර නොගැනීම නිසා එදින සියලු ගුරුවරුන්, විදුහල්පතිවරුන් කොළඹට පැමිණෙන බවද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් පෙරේදා (18දා) අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාව ද අසාර්ථක වූ බවද හේ කියා සිටියේය.

අදාළ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට පියවර නොගතහොත් අ.පො.ස. සාමාන්‍ය පෙළ ඇගැයීම් කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බවද ඒ මහතා කීය.

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබානොදෙමින් කල් මැරීම ගැන අධ්‍යාපන බලධාරීන්ට සිය අප්‍රසාදය පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment