රටේ පවතින අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් වැඩියෙන්ම විදේශගත වූ වෛද්‍යවරුන් වනුයේ නිර්වින්දන සහ ස්නායු රෝග පිළිබඳ විශේෂඥවරුන් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට කීය. එලෙස ගතවූ වසර දෙකේදී විදේශ ගත වූ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ ්ගණන 500ක් පමණ යැයි ද හෙතෙම සඳහන් කළේය. මෙරට පවතින ආර්ථිකය හමුවේ ඔවුන්ගේ දරුවන් හට ඉගැන්වීමේ අරමුණ ඇතිව හා ආර්ථික දුෂ්කරතා මත කලකිරී බොහෝ දෙනකු විදේශ ගතවී ඇතැයිද ඒ මහතා කීය.
මෙම තත්ත්වය තුළ දිවයිනේ රෝහල් තුළ වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුවී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්