වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක්

137


වැලිගම කොළේදණ්ඩ ප්‍රදේශයේ අවුරුදු 10 දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළැයි වැලිගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ වැලිගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

උපකාරක පන්තියට යමින් සිටියදී කිසියම් තරුණයන් හතර දෙනෙකු දැරිය පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බවද ඒ පිළිබඳ දින 14කට පමණ පසුව වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වයස 20ක පමණ එම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු පොලිසිය මගින් ඊයේ පස්වරුවේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් නිදහස් කරන ලෙසත් අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මෙම පිරිස විරෝධතාවක නිරත වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment