වැසි සුළං අඩුවෙයි

154

පවතින තද වැසි හා තද සුළං තත්ත්වය අදින් (26 දා) පසු ක්‍රම ක්‍රමයෙන් අඩු වී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

කෙසේ වෙතත් දිවයිනේ නිරිත දිග කොටසේ සාමාන්‍ය වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව හෙතෙම කීය.

තද වැසි හා තද සුළං ගතවූ දින කීපය පුරා බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලද ගාල්ල, මාතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලද පැවැති බවද හෙතෙම කීය.

එම දින කීපය පුරා මිලිමීටර් 100 හා 150 ඉක්මවූ තද වැසි ඇදහැළුනු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment