විදෙස් සංචාරකයෝ දශ ලක්‍ෂයක් ලංකාවට ඇවිත් – දශ ලක්‍ෂවැනියා අයර්ලන්තයෙන්

176

2024 වසරේ ජනවාර් 01 දා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන් ප්‍රමාණය ජුනි 29 දා දහවල් දශ ලක්ෂය ඉක්මවා ගියේය.

ඒ අනුව දශ ලක්ෂ වැනි සංචාරකයා වන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි (Paul Roe) සහ පැටි්‍රෂියා රෝයි (Patricia Roe) යුවළයි.

ඔවුන් 29 වැනිදා දහවල් 12.40 ට ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා උත්කර්ෂවත් උත්සවයක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ පැවති අතර ඒ සඳහා ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරීවරු, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ සුභාෂිණි පෙරේරා, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හරීන්ද්‍රා විජේවර්ධන, කටුනායක ගුවන්තොටුපළ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ තොරතුරු කේන්ද්‍රයේ කළමනාකරු වාසනා කුමාරි යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment