‘ගැහැනු ළමයි’ කෑන්ස් චිත්‍රපට උළෙල තිරගත වෙද්දී මතකයන් අලුත් වී
හෙළ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් අධ්‍යක්‍ෂණය කළ ගැහැනු ළමයි චිත්‍රපටයේ විශේෂ දැක්ම ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට උළෙලේ සම්භාව්‍ය අංශයේ පෙරේදා තිරගත කෙරිණි. එම අස්ථාවට ගැහැනු ළමයි හි ප්‍රධාන චරිත රඟපෑ වසන්ති චතුරානි, අජිත් ජිනදාස, ශ්‍යාමා, ආනන්ද ද සහභාගි වූහ. ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සුමිත්‍රා පීරිස් පදනමේ ගයත්‍රි මුස්ටම්, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව හා ගාමිණි ෆොන්සේකා පදනමේ ගාමිණී පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.