අන්තර්ජාලයෙන් කාන්තා නිරුවත අලෙවි කළ සැකකාර තරුණයෝ 1දා තෙක් රිමාන්ඩ්

341

රුපියල් දහස් ගණනින් මුදල් අයකර අන්තර්ජාලය ඔස්සේ ඉල්ලුම්කරුවන්ට කාන්තා නිරුවත් ඡායාරූප අලෙවි කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබූ තරුණයන් දෙදෙනකු ලබන 1 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26දා) පස්වරුවේ නියෝග කළේය.

වයස අවුරුදු 18, 19 වයසේ පසුවන එම සැකකාර තරුණයන් දෙදෙනාට එරෙහිව සිදුකරන විමර්ශන අවසන් වී නොමැති බව කියමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්තිය කළ ඇප ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරමින් එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment