විවාහ පොරොන්දම් පරීක්‍ෂාවෙන්, ප්‍රේම සබඳතාවෙන් හෝ කායික වින්දනීය කම්සැප විඳීමට රහසින් බාල, මහලු යැයි වයස් නොබලා ස්ත්‍රී, පුරුෂෂයන් අනංගයා මෙන් ලොල්වන බව ආදීන කාලයේ රජවරුන් හා දෙවිවරුන් අතර පැවැති චාරිත්‍රයකි. එය වර්තමානයේද සිදුවීම පුදුමයක් නොවේ. එහෙත් කුමන ක්‍රමයකින් වුවද ඔවුනගේ ආදරය යහපත් වීමට හෝ අයහපත් වීමට පුළුවන. විවාහ දිවිය ද දෙදරා යෑමට හැකිවන අතර රහස් ප්‍රේම සබඳතා විරසකවීමෙන් සියදිවි හානියෙන් මරණයට පත්වීමට ද සිදුවේ.
එවැනි ඉරණම් අත්වන්නේ ස්ත්‍රී පුරුෂයන් උපතේදී ලබා ඇති එක් එක් ග්‍රහ පිහිටීම් අනුව බව දැනගන්න. ඒ නිසා විවාහයට ආදරයට රහස් පෙම් සබඳතාවලට බලපාන යහපත් ශුභ ඵල උදා කරන ග්‍රහ පිහිටීම් ඔබේ කේන්ද්‍රයේ මේ ආකාරයට ඇත්දැයි දැනගන්න.
- මේෂ, සිංහ, ධනු යන තේජෝ රාශිවලින් උපන් අයට මිථුන, තුලා, කුම්භ යන වායෝ රාශිවල උපන් අය හොඳින් ගැළපේ.
- මේෂ, කටක, තුලා, මකර යන චර රාශිවල උපන් අයට වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන තිර රාශිවල උපන් අය මනාව ගැළපේ.
- වෘෂභ, කන්‍යා, මකර යන පඨවි රාශිවල උපන් අයට කටක, වෘශ්චික, මීන යන ආපෝ රාශිවල උපන් අය හොඳින් ගැළපේ.
- දෙදෙනාගේ ලග්න දෙක එකිනෙකට සහ නවයට හෝ තුන, එකොළහට සිටියොත් දෙදෙනාගේ එක්වීම වාසනාවන්තයි. විවාහ ජීවිතය යහපත් වේ.
- එක කේන්ද්‍රයක රවි අනික් කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටි රාශියේම සිටියේ නම් දෙදෙනා එක්වීම වාසනාවන්ත විවාහ ජීවිතයක ශුභ ඵල ඉටුවේ.
- එක කේන්ද්‍රයක රවි අනිත් කේන්ද්‍රයේ චන්ද්‍රයා 5, 9, 3, 11 යන ස්ථානයක සිටී නම් හෝ දෙදෙනා ඔවුන් සිටි රාශි මාරු කරගෙන සිටීනම් වෙනස් නොවන අනංගයා මෙන් කායික සබඳතාවය ඇති කරගෙන විවාහ දිවිය රන් රසසේ පවත්වාගෙන යයි.
එක කේන්ද්‍රයක කුජ සිටින රාශිය අනික් කේන්ද්‍රයේ සිකුරු සිටියේ නම් දෙදෙනා අතර අනංගයාගේ ඊසැරය වැදුණා වගේ රති කේන්ද්‍රයේදී ස්ථිර ආදරය, ආලයෙන් වෙළී බැඳී සිටී. කුජගේ රාශියේ සිකුරුත් සිකුරුගේ රාශියේ කුජත් සිටීම එවැනිම පිහිටීමකි. නවාංශකයේදී ද මෙසේ වීම කිරි පැණිමෙන් රන් රස සේ එක්වේ. එවැනි පිහිටීම් ඇති අය දුටුහැටියේ අනංගයාගේ ඊ පාර වැදුණාක් මෙන් පෙමින් බැඳී දිවි ඇති තෙක් මහලු වියට පත්වුවද පෙමින් වෙළී කම්සැපයට ප්‍රියවේ.
- චන්ද්‍රයා හෝ රවි සිකුරුට හෝ ගුරුට ළංවූ පමණට හෝ ත්‍රිකෝණව සිටීම ද යහපත් වේ.
- යම් ජන්මියකුගේ කේන්ද්‍රයේ රවි අනෙක් අයගේ කේන්ද්‍රයේ කුජ සිටින රාශියේ නම් යහපත් වේ. එවැනි පිහිටීම් ඇති ස්ත්‍රී පුරුෂයන්ගේ විවාහය රහස් පෙම් බැඳුම් වාසනාවන්ත වන අතර දෙදෙනාම අනංගයා මෙන් හා කාම ධේනුවක් මෙන් කදට කද ලෙස රති සුවයෙන් තෘප්තිමත් වේ.
- එක කේන්ද්‍රයක රවි, සඳු හෝ ශුභ ග්‍රහයන් අනිත් කේන්ද්‍රයේ ලග්නයේ හෝ හත් වැන්නේ නම් ඉතා වාසනාවන්තයි. දෙදෙනා දෙදෙනාට රිසිසේ කාමුක තෘප්තියෙන් ඇලී ගැලී වෙළී කායිකව කම් සුවය ලබයි.
විවාහ ජීවිතය පෙම් සබඳතා රහසේ කම් සැප විඳීමට බාධාවන් කරන අශුභ ග්‍රහ පිහිටීම් මෙසේය.
- චන්ද්‍රයා හෝ රවි හෝ දෙදෙනාම හෝ පාප ග්‍රහයන්ගෙන් හෝ කුජගෙන් පීඩා විඳිනු ලබන්නේ නම් එම කේන්ද්‍ර දෙකේම එසේ නම් ඔවුන්ගේ විවාහ දිවිය වාසනාවන්ත නොවනවා පමණක් නොව සඳු පීඩා විඳපු ලබන්නා තද බල ලෙස දුකට පත් වේ. මහ මඟට ද බසී.
- එක් කේන්ද්‍රයක සඳු, රවි, දෙදෙනා හෝ ශුභ ග්‍රහයන් අනිත් කේන්ද්‍රයේ රවි, සඳු දෙදෙනාට හෝ ශුභ ග්‍රහයන්ට චතුරස්‍රව හෝ සප්තමට සිටියොත් ඒ දෙදෙනාගේ විවාහය අවාසනාවන්ත වේ. නොගැළපෙන අතර විනාශකාරී තත්ත්වයක් ඇතිවේ. තනි තනිව නිදා ගනී. දරු ඵල නැත.
- එක කේන්ද්‍රයක චන්ද්‍රයා කුජගෙන් නරක ස්ථානයක සිට ශනිගේ දෘෂ්ටි ලබයි නම් එම විවාහය කම් සැපය නීරස වේ. අවුල් වියවුල් දුක් සහිත එකකි.
- එක කේන්ද්‍රයක රවි, ශනිගෙන් නරක ස්ථානයක සිට දෘෂ්ටි ලබයි නම් විවාහ දිවිය අවුල් වී කැඩෙයි.
- එක් අයකුගේ කේන්ද්‍රයක ශුක්‍ර හෝ හත් වැන්නේ සිටින ග්‍රහයන් පාප ග්‍රහයන්ගෙන් පීඩා වන්නේ නම් එම විවාහය යහපත් නොවන අතර ආරවුල් ඇතිවී වෙන් වේ.
- පාප ග්‍රහයන් පස් වැන්නේ සිටීමෙන් අපිරිසිදු ආලයෙන් බැඳී දූෂිත ගුණයෙන් යුක්ත අය වේ. ස්ත්‍රියගේ පස් වැන්නේ පාපයන් සිටියොත් දරු ඵල නැතිවීම හා මියයෑමට හේතුවේ.
- එක් අයකුගේ කේන්ද්‍රයේ දසාව පාපයකුගේ වීම දසාකාරයා අනිත් අයගේ කේන්ද්‍රයේ හැසිරෙන කාලවලදී විවාහ වීම අශුභ වේ. ශුභ ග්‍රහයකු තැන්පත් වන කාලයක නම් වාසනාවන්තයි.
මේ අනුව විවාහවීමේදී, පෙම් කිරීමේදී, රහස් ස්ත්‍රී පුරුෂ සබඳතා ඇති කර ගැනීමේදී තම ජන්ම කේන්ද්‍රය ද පරීක්‍ෂා කර බැලීම වැදගත් වන අතර කායික ලිංගික ඇසුරට ඉතා වැදගත් වන අතර දිවි ඇති තෙක් රන් රස සේ අනඟ රහස පහස ලබා ගත හැකි බව දැන ගත්වා.
ජ්‍යොතිෂ්‍ය විද්‍යාජෝති, ගුප්ත විද්‍යාකීර්ති
වාස්තු විද්‍යා උපදේශක,
සාමවිනිසුරු, දේශබන්දු
රඹුක්කන ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල – 0770730062