විස්සයි-20 දෙවැනි සටන අද

1

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගය අද (26දා) පෙ.ව. 10.00 ට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේ ප්‍රථම තරගයෙන් කඩුලු 4ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ වන විට තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය හිමිකර ගැනීමට හැකිවේ. බටහිර ඉන්දීය කොදෙව්වන්ට තරගාවලියේ රැඳී සිටීමට නම් මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරගාවලිය ද පූර්ණ තරගාවලි ජයක් ලබාගැනීමේ අරමුණින් හොඳ සටනක් දීමට සූදානමින් සිටී.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment