සෞඛ්‍ය ප්‍රශ්නවල යථා ස්වරූපය පෙන්වා දෙන ලද සහ පසුගිය කාලයේ ඇතැම් අසාධාරණවලට ලක්ව ඇති සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින්ට කරුණු කීමට අවස්ථාව සලසන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෘත්තීය සමිති නායකයින්ට පවසා ඇත.
මෙරට සෞඛ්‍ය පද්ධතියේ අඩුපාඩු පෙන්වා දෙන වෘත්තීය සමිති නායකයින් සමග ඉදිරියේදී මාසිකව රැස්වී ප්‍රගති සමාලෝචන වැඩසටහන ක්‍රියාත්මක කරන බව පසුගියදා වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සමග පැවැති සාකච්ඡාවේ දී ඇමැතිවරයා සඳහන් කර තිබේ.
මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති නායකයින්ට නැවත රාජ්‍ය සේවයට එක්වීම සඳහා වන ලියකියවිලි තමන් වෙත භාර දෙන ලෙස ද එහිදී ඇමැතිවරයා පවසා ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් වඩිවේල්, ගයන්න කරුණාතිලක සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් වෛද්‍ය චමල් සංජීව මහතා නැවත රාජ්‍ය සේවයේ පිහිටුවන ලෙස කථානායකවරයා හරහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත පෙත්සම් භාර දී තිබේ.
සුජීව තත්සර