කිරි නිෂ්පාදන ගේන්න ඩො.මිලියන 221ක් රටින් පිටට

172

මෙම වර්ෂයේ (2023) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ මාස නවයේ දී කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 221.4ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

ඉකුත් වර්ෂයේ (2022) මෙම කාලසීමාවේ දී කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 184.1 මුදලක් වැය කර තිබුණි. මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පමණක් කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක මුදලක් වැය කර ඇත.

මෙරට කිරි අවශ්‍යතාවයෙන් සියයට 48ක් දේශීය නිෂ්පාදනයෙන් සපුරා ගනු ලබන අතර මෑතකාලීන දත්තවලට අනුව ශ්‍රී ලංකාව දළ වශයෙන් රුපියල් බිලියන 63.1ක පමණ මුදලක් වැය කරමින් කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික්ටොන් 88,482ක් ආනයනය කරනු ලබන බව ද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment