ආතරයිටිස් නිසා අත් පාද ඇදවීමට හෝමියෝපති ප්‍රතිකාර

227

ඔස්ටියෝ ආතරයිටිස් වත්මන් සමාජයේ බහුලව කාන්තාවන් විසින් පීඩා විඳින රෝගී තත්වයක් ලෙස හැඳින්විය හැක. ශරීරයේ සමබරතාවය,ශක්තිමත් භාවය රඳාපැවතීමට අස්ථි පද්ධතිය බොහෝ ලෙස උපකාර කරනවා. අස්ථි දෙකක් අතර පිහිටීම සන්ධියක් ලෙස හඳුන්වන අතර සන්ධියේ නම්‍යශීලීතාවයට හා චලනයට පහසු වන ලෙස නිර්මාණය වී තිබෙන තරලමය කොටස කාටිලේජ ලෙස හඳුන්වා ඇත. මෙම කාටිලේජ ගෙවීයෑම නිසා ඇතිවන ප්‍රදාහක තත්වය ඔස්ටියෝ ආතරයිටිස් නමින් හඳුන්වනවා.

ශරිරාන්තරයෙන් සිදුවෙන මෙම ගෙවීයෑම ,වෙනස ඇති කරන ක්‍රියාවලිය 50% පමණ වන විටදී රෝගියාට කිසිම වේදනාවක් ගෙන දෙන්නේ නෑ. නමුත් ගෙවීයෑම එනම් 51% තත්ත්වය තුළදී වේදනාවක් ලෙස දැනෙන්නට පටන් ගන්නවා. එහිදී වේදනාව නැතිකර ගැනීම සඳහා ප්‍රතිකාර වලට රෝගියා යොමුවෙනවා. මෙහිදී රෝගියාට අවශ්‍ය වන්නේ වේදනාවට සහනයක්ම පමණයි. නමුත් ශරීරාන්තරයෙන් රෝගයට සුවපත් භාවයක් ලැබෙන්නේ නැහැ. එනම් සන්ධිය අතර ගෙවීයෑම නතර නොවෙන අතර රෝගයේ වර්ධනයක් සිදු වෙනවා.

රෝගයට නිසි ප්‍රතිකාරය නොලැබීම තුළ දවසින් දවස රෝගය වර්ධනය වන අතර ශරීරයේ රසායනික ක්‍රියාවලියේ (ESR) වෙනස්කම් ඇතිවීම සමඟ ව්‍යුහාත්මක වෙනස සිදුවීම ද පටන් ගන්නවා. මෙහිදී පාද ඇදවීම ටිකෙන් ටික පටන් ගත්තත් 20%ක් පමණ වනතුරුම දැනීමක් නැහැ.

මෙහිදී මුලින්ම පෙන්වන රෝග ලක්ෂණය වන්නේ ඇවිදින විට වේදනාව සමඟ කොරගසන ගතියක් ඇතිවීමයි. එය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වී වයසත් සමඟ දරාගත නොහැකි වේදනාවක් ඇති කරනවා.

මෙවැනි තත්ත්වයකදී ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන අතර ඒ ඒ පුද්ගලයාට ආවේණික වූ ඇදය හට ගැනීම සිදුවනවා. ඇදගැසීම (VALGUS DEFORMITY) දණහිසෙන් දෙපැත්තට ඈත්කරවීම, තවත් ආකාරයකට වෙතොත් රෝදයක් ආකාරයට ඇදගැසීම, එමෙන්ම පාදය ඉදිරියට ඇදවීම වැනි විවිධාකාරවලට ඇදගැසීම සිදුවෙනවා.

මේ සෑම අවස්ථාවකදීම ඇදගැසීම වැඩිවීමත් සමඟ වේදනාවත් වැඩි වෙනවා. කොන්ද වේදනාව හට ගැනීමද සිදුවනවා. ඒ සමඟ එය පහළ කශේරුකා වලට, පේශි වලට,ස්නායු වලට බලපෑමක් වෙත්ම කොන්ද දිගේ සිට පාදය දක්වා වේදනාවක් ඇති වෙනවා. ඉඳිකටු අනින ආකාරයට, කූඹි දුවන ආකාරයට, පාද හිරිවැටීම, ඉදිමීම, වේදනාව දරාගත නොහැකි තත්ත්වයට පත්වෙනවා පමණක් නොව පාදය අඩියක් තබා අඩියක් ගැනීමට නොහැකිව ලතවනවා, වගේම කඳුළු සලනවා. මෙය ඉතාම දුක්ඛිත තත්වයක්.

අප වෛද්‍ය ක්‍රමය තුළ වේදනාවට හෝ රෝගයට නොව රෝග මූලයට එනම් ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ හේතුවට හෝමියෝපති ප්‍රතිකාර ලබා දෙනවා. මෙහිදී රෝගියාගේ කායික තත්ත්වය මෙන්ම ඔහු හෝ ඇයගේ සිතුවිලි, මානසික තත්ත්වයන්ද රෝග මූලය නැති කරන සංඥා මාර්ගයක් සේ සැලකිල්ලට ගැනෙනවා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මූලධර්මය අනුව නැවත අස්ථි පටක ගොඩනගන, කාටිලේජ් වර්ධනය ඇති කරවන ඇයට/ ඔහුට ආවේනික වූ නිවැරදි ඖෂධය තොරාගැනීමට මින් හැකියාවද ඇති කරවනවා. මේ අනුව අපට වේදනාව දෙන ඇදය ඇතිවූ ස්ථානය පමණක් නොව, දැනට නොදැනෙන ඉදිරියෙදී තව ගෙවෙන්න, ඇදවෙන්න, වේදනාව

ගෙනදෙන්න තිබෙන ශරීරයේ අනෙකුත් සෑම ස්ථානයක්ම මේ තුළින් යථා තත්ත්වයට පත්වීම සිදුවෙනවා. පාද ඇදය නැතිව ඔවුන් ප්‍රකෘති තත්ත්වයට පත්වීම මේ තුළින් සිදුවෙනවා.

මෙවැනි රෝගීන්ට හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය ඉතා සුවිශේෂී වූ ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ රෝගමූලය නැති කරන ප්‍රතිකාර ක්‍රමයක් නිසයි. වයස ගැටලුවක් වන්නේ නැහැ. රෝග ලක්ෂණවලට අදාළ හෝමියෝපති ප්‍රතිකාර ලබාදීම මගින් දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැංවීම තුළින් ඇති වූ ව්‍යුහාත්මක වෙනස නැවත යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. වයස ගැටලුවක් නැහැ. එවිට, පාද ඇදය ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම සුවවීමේ ක්‍රියාවලිය පටන් ගත් මොහොතේ සිට කොරගැසිම, වේදනාව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙන්න පටන්ගන්නවා. එයයි ඔබ ලැබිය යුතු නිසැක සුවය.

හෝමියෝපති ප්‍රතිකාර වලින් තරුණකම නැවත ලැබෙනවා යනුවෙන් සඳහන් කරන්නේ මෙයයි. නැවත සෑම දෙයක්ම ව්‍යුහාත්මකව හා රසායනිකව සැකසීම තමා නොදැනුවත්ම ශරීරය තුළ සිදුවී හමාරයි. ස්ථිර සුවය මෙයයි. මේ තත්ත්වය ලබාගැනීම සඳහා ප්‍රතිකාර පිළිබඳව අවබෝධය, ඉවසීම ,විශ්වාසය ,රෝගියා තුළ තිබිය යුතුයි. ඖෂධ භාවිතය හා සත්කාරයද නිසියාකාරව සිදුකළ යුතුයි. කොස්, දෙල්, වම්බටු, මෑකරල්, අල, පරිප්පු වැනි ආහාර නොගත යුතුයි. එම ආහාර වලින් වැළකිය යුතු වන්නේ හෝමියෝපති ඖෂධ වලට නොව වයසත් සමග සිදුවන සටනක් නිසාය. එනම් වයස අනුව ඉක්මන් සුවය ලබාගැනීමට අවශ්‍ය නිසාය.

නිවැරදි ආකාරයට ප්‍රතිකාරය සමග සත්කාරයද ලබාදුන් විට පාද ඇදය යථා තත්ත්වයට පත්වීම සිදුවනවා. ඒ වෙනසත් සමග ආතරයිටිස් රෝගය ශරීරයෙන් සම්පූර්ණයෙන්ම නැතිව යනවා. රෝගියා සුවපත් වී කායිකවද, මානසිකවද සුවය ලබනවා විතරක් නොව ඔබගේ ශරීරයේ අනෙකුත් රෝගාබාධ වලටද සුවය හටගැනීම මෙමගින් සිදුවනවා. අතුරු අබාධ නොමැති භාවිතය පහසු බාල, මහලු ,ගර්භණී අයටත් භාවිතා කළ හැකි මෙම ප්‍රතිකාර ක්‍රමය ආතරයිටිස් රෝග තත්ත්වයන් නිසා පීඩාවිඳින කාන්තාවන් වන ඔබ මෙන්ම ඔබේ මව, පියා, සොහොයුරියව, ඔබේ අසල්වැසියාව මෙම රෝගයෙන් මුදාගන්න දැනුවත් කරන්න. හෝමියෝපති ප්‍රතිකාර හිසේ සිට දෙපතුල දක්වා හටගන්නා සෑම නිධන්ගත රෝග සඳහා සුවිශේෂී වනු ඇත.

වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0718250717 ඇමැතිය හැකිය

ආතරයිටිස් නිසා අත් පාද ඇදවීමට හෝමියෝපති ප්‍රතිකාර

එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment