වෙරිමතින් සිටි ඇත් ගොව්වා මාධ්‍යවේදියාගේ දුරකථනය උදුරාගෙන ඇතාගේ කටට දාලා

9

ගල්ගමුව නගරයේ වාර්ෂිකව පැවැත්වෙන මිහිඳු පෙරහැර පෙරේදා (23දා) රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් නගරයේ වීථි සංචාරය කරද්දී දැඩි ලෙස බීමතින් සිටි ඇත්ගොව්වකු එම පෙරහැර ආවරණය කරමින් සිටි ගල්ගමුව ප්‍රාදේශීය මාධ්‍යවේදියකුගේ ජංගම දුරකථනය උදුරාගෙන ඇතාගේ මුඛයට දමා තිබේ.

ඇපල් අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනය අනුභව කිරීම ප්‍රතික්ෂේප කරමින් එම හස්තියා එය මුඛයෙන් ඉවතට දමා ඇති අතර එම අවස්ථාවේ දුරකථනය මාර්ගයට වැටී විනාශ වී ඇත. මෙම දුරකථනය රු. ලක්ෂ එකහමාරක පමණ වටිනාකමින් යුතු එකකි.

මාධ්‍යවේදියා විසින් මේ පිළිබඳව ගල්ගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර ඇත්ගොව්වා එදිනම රාත්‍රීයේ හස්තියාද රැගෙන පලා ගොස් ඇති බවට වාර්තා වේ.

ගල්ගමුව – කුමා රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment