වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස GMOA යෝජනා කරයි

392

සෞඛ්‍ය සේවාවන් බිද වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා සියලුම කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63දක්වා දීර්ඝ කළ යුතු බව රජයට යෝජනා කිරීමට අද පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. එසේ නොකළ හොත් විශේෂඥ වෛද්‍යවරුන් 300ක් පමණ සහ අනෙකුත් වෛද්‍යවරුන් 500ක් පමණ පිරිසක් එකවර සෞඛ්‍ය පද්ධතියට අහිමි වීම නිසා සෞඛ්‍ය සේවාවන් ඇද වැටීමකට ලක්විය හැකි බව ද සංගමය පවසයි. එසේම සෞඛ්‍ය පද්ධතියට දැරිය හැකි උපරිම වෛද්‍යවරුන් ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතේ විදේශ රැකියා සදහා යොමු කිරීමට ද කටයුතු කළ යුතු බව මධ්‍යම කාරක සභාවේ ඒකමතික අදහස වී තිබේ.


advertistmentadvertistment