වොෂින්ටනය වෙසක් දිනය පිළිගනී

56

ඇමෙරිකාවේ වොෂින්ටන් නගරාධිපතිනි මියුරියල් බවුලර් මහත්මිය විසින් ප්‍රථම වරට වෙසක් දිනය නිල වශයෙන් පිළිගන්නා බවට වන නිවේදනයක් නිකුත් කර ඇත.

ඇමෙරිකාවේ අගනගරය මෙන්ම ලෝක දේශපාලන ආර්ථික හා ආරක්ෂාවට අදාළ තීන්දු ගන්නා මර්මස්ථානය ලෙස සැලකෙන වොෂින්ටන් නගරය තුළ වෙසක් දිනය නිල වශයෙන් පිළිගැනීම එරට වෙසෙන හා ලෝක බෞද්ධ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස පිළිගැනේ.

වොෂින්ටන් නගරාධිපතිනිය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ ‘බුදු තෙමඟුල සමරන එම අතිඋතුම් වෙසක් දිනය වොෂින්ටනය තුළ නිල දිනයක් ලෙස නගරාධිපතිනිය ලෙස මා ප්‍රකාශයට පත් කරමි’ යන්නයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment