ශර් පා ජාතිකයකු එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් නගී

217

ලොව උසම කඳු මුදුන සේ සැලකෙන එවරස්ට් කඳු මුදුන වැඩිම වර ගණනක් තරණය කළ තැනැත්තා බවට නේපාලයේ ශර් පා වාර්ගික කණ්ඩායමට අයත් 54 හැවිරිදි කමි රීටා ශර් පා පෙරේදා (12දා) පත් විය. ඒ එවරස්ට් කඳු මුදුන 29 වතාවක් තරණය කරමිනි. ශර් පා මෙසේ වැඩිම වාර ගණනක් එවරස්ට් කඳු මුදුන තරණය කළ තැනැත්තා බවට පත් වූ දිනයේම එම කඳු මුදුන 18 වැනි වරටත් තරණය කරමින් එම කඳු මුදුන වැඩිම වාර ගණනක් තරණය කළ විදේශිකයා බවට එංගලන්ත ජාතික කෙන්ටන් කුල් පත් විය.

විසි නව වතාවක් එවරස්ට් කඳු මුදුන තරණය කරමින් ලෝක වාර්තාවක් තබා ඇති ශර් පා දශක දෙකක කාලයක් මුළුල්ලේ කඳු නැගීමේ මඟපෙන්වන්නකු වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු ප්‍රථම වරට එවරස්ට් කඳු මුදුන තරණය කර තිබුණේ 1994 වසරේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment