ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරන මහ බල කළු දේවතා බන්ඩාර දෙවියන්ගේ දිව්‍යමය කන්නලව්ව

41

අනුරාධපුරය ගත්කල අපගේ ඵෙතිහාසික රාජධානිය වන අතර මුල් යුගයේ සිට රජවරු 120 ක් පාලනය කළ වසර 2500 ටත් වඩා ඔප්පු කල හැකි ඉතිහාසයක් ඇති බෞද්ධයාගේ මුදුන් මල්කඩක් සේ සැලකෙන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින අටමස්ථානයක් පවතින බත බුලතින් පිරි අනුරාධපුර රජරට රාජධානියයි.

ශ්‍රී මහා බෝධිය දේවානම්පියතිස්ස රාජතුමාගේ රාජ්‍ය කාලයේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඉන්දියාවේ ශ්‍රී මහා බෝධිය අංකුරයක් ලෙසින් ලංකාවට වැඩම කළේ ලංකාවේ බුදු දහම මැනවින් ස්ථාපිත කිරීමටය. ඒ අනුව එදත් අදත් හෙටත් ශ්‍රී ලංකාවේ නිර්මල බුදු දහම පවතිනු ඇත.

රජ ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරන කළු දේවතා බන්ඩාර දේවතා උන්නාන්සේ එදත් අදත් මහා බලයකින් ශ්‍රී මහා බෝධියත් මුළු රජරටත් මෙහි වසනා සියලුම මනුෂ්‍යයන් ද ආරක්ෂා කරයි. අනුරාධපුරයේ කළු දේවතා බන්ඩාර දේවතා උන්නාන්සේ මේ මහා බලය අවබෝධ කරගත් සිංහල බෞද්ධ ජනතාව ජනතාව මේ බෞද්ධ දෙවියාගේ පිහිට පතන බොහෝ අවස්ථා තිබෙනවා. ඒ අනුව තමයි උන්වහන්සේ ශ්‍රද්ධා වන්තයාට ඉෂ්ඨ කරලා දෙනවා ඇති.

කළු දේවතාවහන්සේගෙන් පිහිට ඉල්ලා කියන කන්නලව්ව

පස්වාන් දහසකට මෙම ශ්‍රී ලංකා ද්වීපයත් සකල සත්වයාගේ සම්බුද්ධ ශාසනයත් යහතින්ම දිවැස් කරුණාවට ගෙන බලා වදාරමින් සකල සුර නර බඹුන්ගේ භක්ති ප්‍රණාමයට පාත්‍ර වූ අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේට අධිපතිව යහතින්ම වැඩ වසන උත්තුංග දේහ විලාසයෙන් මෙලොවට ආලෝකමත් වු අනන්ත බල පරාක්‍රමයෙන් පූජිත සිද්ධ කළු දේවතාවුන් වහන්සේගේ ශ්‍රී නාමයට දොහොත් මුදුන් තබා කියා සිටින කන්නලව්ව දිව්‍ය කරුණාවට ගෙන පිහිට වන සේක්වා.

තවද සැලකර සිටින්නේ සකල ක්ලේශ මාර පරාජය කොට ලොව්තුරා බුද්ධ රාජ්‍යයට පැමිණි සකල සුර නරන් මුදුන් සැදී අප භාග්‍යවත් ගෞතම සම්බුද්ධ රාජෝත්තමයාණන් පිට දී බුදුව අනිමිස ලෝචනාවෙන් පිදුම් ලද ගයා හිස ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාවුන් වහන්සේගේ සංඝමිත්තා මෙහෙණි වහන්සේ සපිරිවරින් සිංහල දේශයට වැඩම වද්දි එහි

රැකවරණයට පත්ව පැමිණි අනුරාධපුරයේ පිහිට වනු ලැබූ එකී බෝධි රාජයාණන් වහන්සේ ද කළුතර ආදී නගර ග්‍රාමයන්හි එහි ශාඛා බෝධීන් වහන්සේලා ද භාරව වැඩ වාසස්ථානය කරන බුද්ධ භක්තියෙන් පාරි ශුද්ධ සිද්ධ කළු දේවතාවුන් වහන්ස තෙරුවන් වැද පුදා ගරුවන් ලෙස අප කරන මේ බෝධි පූජාවෙන් ජනිත වන පුණ්‍ය සම්භාරය ඔබ වහන්සේට අනුමෝදන් වී දොහොත් මුදුන් දී වැඳ නමස්කාරයෙන් අප කරන මේ කන්න ලව්ව දිව කනින් අසා දිව නෙතින් බලා අපගේ සකලාරිෂ්ඨ රෝග උපද්‍රවයන් නිමාකර යන එන ගමන බිමන බලාපොරොත්තු සාර්ථක කර රැකී රක්ෂා ආරක්ෂා කර වැඩිකර සැප සම්පත් දියුණුකර ශාන්ති මංගල්‍යයක් සලසා දී වදාරන සේක්වා ඔබ කීර්ති පස්වාන් දහසක් ආයුබෝ වේවා! ආයුබෝ වේවා!

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට මල් පූජා කර බෝධි ජූජා වතාවත් කිරීමෙන් අනතුරුව කළු දේවතා බන්ඩාර උන්නාන්සේට තමන්ගේ දුක කියා කන්නලව් කිරීමෙන් තමා බලාපොරොත්තු වන කරුණු කාරණා ඉෂ්ඨ සිද්ධ වේ. භාර හාර වීම වශයෙන් පුරාණයේ බොහෝවිට කළේ මල් වට්ටියක් මල් වට්ටි 7ක් හෝ පොල් පැලයක් ආදිය බාර වීමයි. වර්තමාන කාලයේ දී පලතුරු පූජා වට්ටි ආදිය භාර වීම සිදු කරනවා අප දැක ඇත.

ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරන මහ බල කළු දේවතා බන්ඩාර දෙවියන්ගේ දිව්‍යමය කන්නලව්ව

කීර්ති ශ්‍රී ලංකා පුත්‍ර
දේශකීර්ති දේශශක්ති, ජ්‍යොතිෂ විද්‍යා විශාරද
ආර්. එම්. කරුණාරත්න
077 843 3319 / 071 980 3146

advertistmentadvertistment
advertistmentadvertistment