ශ්‍රී ලංකාවෙන් ණය හිමියන්ට පණිවුඩයක්

282


ශ්‍රී ලංකාව විසින් සිය ජාත්‍යන්තර ණය හිමියන් වෙත ලබන සිකුරාදා විශේෂ පැහැදිලි කිරීමක් කරනු ඇති බව වාර්තා වේ.

ඒ මෙරට ආර්ථික අර්බුදයේ සම්පූර්ණ තත්ත්වයල ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඩොලර් බිලියන ගණනක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපදීම සඳහා වන සැලසුම ආදියෙහි සවිස්තර ඉදිරිපත් කිරීමකි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට සේවය මිලට ගත් නීතිමය සමාගමක් වන ක්ලිෆර්ඩ් චාන්ස් හරහා මෙරට මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් ලබන 23 වන දින අන්තර්ජාල හමුවක් ඔස්සේ ශ්‍රී ලංකාවේ සියලුම බාහිර ණය හිමියන්ට විවෘත හමුවක් පවත්වන බවට පවසා ඇතැයි නික්කෙයි ඒෂියා පුවත් ඒජන්සිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment