ශ්‍රී ලංකාවේ කම්කරු පංති නැගිටීම අකුරට නැඟූ කුමාරිය

193

මහාචාර්ය කුමාරි ජයවර්න යනු ප්‍රමුඛ ලාංකික ස්ත්‍රිවාදිනියක් සහ දේශපාලන විiාඥවරියක වශයෙන් ශාස්ත්‍රීය අධ්‍යයන රැසක් සිදුකර ඇති පුරෝගාමී චරිතයකි. කෘති රැසක් ලියා පළකොට ඇති කෘතහස්ත ලේඛිකාවකි. ඇය විසින් රචිත Feminism and Nationalism in the World කෘතිය එක්සත් රාජධානියේ ෆෙමිනිස්ට් ෆෝට්නයිට් සම්මානය සඳහා ඇයව තෝරා ගැනීමට හේතු වූ අතර 1992 වසරේදී Ms Magazine සඟරාව විසින් එම කෘතිය ‘1970 – 1990 දශකයන්හි ස්ත්‍රිවාදය පිළිබඳව ලියැවුණු අගනාම පොත් විස්ස අතරින් එකක් ලෙසද නම් කළේය.

අනුවිය සපුරන ලද මහාචාර්ය කුමාරි ජයවර්ධන මහත්මියට උපහාර පිණිස මෙම ලිපිය පලකරන ලදී.

විශාඛා කුමාරි ජයවර්ධන ලංකාවේ ශාස්ත්‍රීය, සමාජ, දේශපාලන මැදිහත්වීම් තුළ කෘතහස්තම චරිතයක් වූ ඇයට පසුගිය දින අවුරුදු 90ක් සම්පූර්ණ විය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර වී මා කළ පළමු රැකියාව වූයේ කුමාරි මූලිකත්වය දැරූ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ‘ප්‍රවාද’ සඟරාවේ සංස්කාරකවරයකු ලෙස වැඩ කිරීම ඊට මඟ පෑදුවේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සර්. මුල් දවසේ මා මැඩම් යැයි කියූ විට ඇගේ ප්‍රතිචාරය වුණේ මම මැඩම් නෙවේ ‘කුමාරි’ යනුවෙනි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ‘සේවක අධ්‍යාපන ආයතනය’ (IWE) පිහිටුවීමේ පුරෝගාමියා ය. ඒ වැඩකරන ජනයා වෙනුවෙනි. (දැන් එය IHRA ය ) කම්කරුවන් දැනුවත් කිරීම සඳහා ඇය කළ මැදිහත්වීම් අපමණය.

IHRA හි වෘත්තීය සමිතිවාදය උගන්වන මා මුල් පාඩම පටන් ගන්නේම කුමාරි සහ ඔස්මන් ජයරත්න මහාචාර්යවරයා ගැන කෙටි හැඳින්වීමක යෙදෙමිනි.

ඇයගේ කෘති වන ‘ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම’ ‘ශ්‍රී ලංකාවේ කම්කරු පංති ව්‍යාපාරයේ කෙටි ඉතිහාසය’ සහ ‘විද්‍යාත්මක සමාජවාදය; කෙටි හැඳින්වීමක්’ මෙන්ම ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ යන ඒවා මා විසින් සිසු සිසුවියන්ට නිතර යෝජනා කරන පොත් ය.

මේ අය පරාරෝපණය ඉගෙන ගත්තේ කුමාරිගේ ‘විද්‍යාත්මක සමාජවාදය’ පොතෙනි. මහාචාර්ය විශාඛා කුමාරි ජයවර්ධන යනු වෙනකකුට සමකළ නොහැකි සමාජ සම්පතකි. ඇය තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට නොව පොදු ජනයා විඳවන ප්‍රශ්න විසඳීමට මැදිහත් වූ ස්ත්‍රියකි.

ධම්ම දිසානායක
අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment