කොළඹ 536ක් ජීවත් වන්නේ එළිමහනේ
මෙරට ජනගහනයෙන් පුද්ගලයන් 2,281 දෙනකු හිසට වහළක් නොමැතිව එළිමහනේ ජිවත්වන බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති ජන හා නිවාස සංගණනය පිළිබඳ 2024 වාර්තාවේ සඳහන් වේ.
මෙකී පුද්ගලයන් සාමාන්‍ය පදිංචි ස්ථානයක් නොමැතිව එළිමහනේ ජිවත්වන බවද, මෙකී වාර්තාවේ සඳහන් වේ. හිසට වහළක් නොමැතිව එළිමහනේ ජිවත් වන පුද්ගලයන් අතුරින් 841ක් වූ වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. මින් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 536 දෙනකු එළිමහනේ ජිවත්වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එළිමහනේ ජිවත්වන සංඛ්‍යාව 229කි.
හිසට වහළක් නොමැතිව එළිමහනේ ජිවත් වන අඩුම පුද්ගලයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නැගෙනහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 73කි. එමෙන්ම උතුරු පළාතේ කිළිනොච්චි දිස්ත්‍රික්කයෙන් හිසට වහළක් නොමැති පුද්ගලයන් කිසිවෙකු හෝ වාර්තා වී නොමැති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල