ශ්‍රී ලංකාවේ තෑගි දීමේ කලාවේ නවතම පෙරළිය – Ohmygosh.lk

64

ශ්‍රී ලංකාවේ නවතම ත්‍යාග ප්‍රදානය කිරීමේ වෙබ් අඩවිය Ohmygosh.lk, එහි අධ්‍යක්ෂවරුන්, පාරිභෝගිකයින් සහ සුභපතන්නන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා මහජන භාවිතය සඳහා දියත් කරන ලදී.

ගෝලීය වශයෙන් මතුවන තෑගි ලබා දීමේ නව ප්‍රවණතාවලට සමගාමීව, පාරිභෝගිකයින්ට තම ආදරණීයයන් වෙත කිසිදා අමතක නොවන, අද්විතීය සහ ඔවුන්ගේ ජීවිතයට වටිනාකමක් එක් කිරීම හැකි ත්‍යාග පිරිනැමේ පහසුකම් ඇති වෙබ් අඩවියක් ලබාදීමේ අරමුණින් මෙම Ohmygosh.lk වෙබ් අඩවිය නිර්මාණය වී ඇත.

දැන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට මෙම වෙබ් අඩවිය භාවිතයෙන් ගිටාර් පන්ති, ස්කූබා කිමිදීම, පිහිනුම් පාඩම්, සෞඛ්‍ය පරීක්ෂාවන් සහ උණුසුම් වායු බැලූන් සවාරි ආදී අද්විතීය අත්දැකීම් සහිත තෑගි පිරිනැමීමට අවස්ථාව ලැබී ඇත. මෙම ත්‍යාග අනෙක් ඒවාට වඩා කැපී පෙනෙනවා පමණක් නොව, එය ජීවිත කාලය පුරාම පවතින මතකයන්ද නිර්මාණය කරයි. මෙම වෙබ් අඩවිය සැලසුම් කර ඇත්තේ ත්‍යාග හිමිවන්නා කෙරෙහි අවධානය යොමු කරමින් සහ පුළුල් පරාසයකින් යුතු ත්‍යාග අතරින් කැමතිම ත්‍යාගය තෝරාගැනීමේ හැකියාව ත්‍යාග ලබන්නාට ලබා දෙමිනි.


advertistmentadvertistment