බස්නාහිර බස් දොස් පැමිණිලි 2000ක්

104

බස්නාහිර පළාතේ ධාවනය වූ පෞද්ගලික බස් රථවල සේවය කරන ලද රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව මගී පැමිණිලි දෙදහසකට වැඩි ප්‍රමාණයක් පසුගිය වර්ෂයේ (2023) ලැබී ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ අනුව තමා කළ වරද පිළිගත් බස් රථ කොන්දොස්තරවරුන් හා රියැදුරන් එක්දහස් දෙසිය දෙනකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඔවුන්ව අධිකාරියේ සංස්කරණ පුහුණුව සඳහා යොමුකර ඇතැයිද හෙතෙම කීය.

මගීන්ට ටිකට් පත් ලබානොදීම, ඉතිරි මුදල් ලබානොදීම, අපරීක්‍ෂකාරී අන්දමින් බස් රථ ධාවනය කිරීම, තරගයට බස් රථ ධාවනය කිරීම, මගීන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම, මන්දගාමී ධාවනය ඇතුළු තවත් වැරදි සම්බන්ධයෙන් මෙම බස් රථ සේවයකන්ට එරෙහිව මගීන් පැමිණිලි කර ඇතැයිද හේ කියා සිටියේය.

බස් රථ තුළදී සේවකයන් යම් අසාධාරණයක් සිදුකරන්නේ නම් ඒ ගැන 0112-860860 ට පැමිණිලි කරන ලෙසද සභාපතිවරයා මගී ජනතාවගෙන් ඉල්ලා සිටී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment