ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් RIDE සහ Bikerholics එක් වී Freedom RIDE යතුරුපැදි සවාරිය සංවිධානය කරයි

22

ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය අභිමානයෙන් සැමරීමට, Bikerholics සංවිධානය කළ 4 වැනි වාර්ෂික Freedom RIDE යතුරුපැදි සවාරියට ශ්‍රී ලංකාවේ දේශීයව නිසි පදනමකින් නිෂ්පාදනය කළ පළමු ශක්ති ජනක පානය වන RIDE විසින් අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.

2025 පෙබරවාරි 4 වන දින පැවැත් වූ මෙම යතුරුපැදි සවාරිය අප රටේ නිදහසේ සහ එකමුතුකමේ ජාතික හැඟීම විදහා දක්වන්නක් විය.

හැත්තෑ දෙනෙකුට අධික යතුරුපැදි ධාවකයින්ගෙන් සමන්විත මෙම වර්ණවත් යතුරුපැදි සවාරිය, දෙපානම කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රයෙන් ආරම්භ වූ අතර, දර්ශනීය මාර්ග ඔස්සේ ගමන් කරමින් ටොරින්ටන් කාගිල්ස් ෆුඩ් සිටි පරිශ්‍රය වෙත පැමිණෙන ලදීග එහිදී යතුරුපැදි ධාවකයින් සමඟ එක්ව RIDE සිය නිෂ්පාදන ප්‍රවර්ධන ක්‍රියාකරකම් රැසක් සංවිධානය කරනු ලැබීයග ඉන් පසු යතුරුපැදි සවාරිය කොළඹ ගාලු මුවදොර වෙත පැමිණි අතර එහිදී යතුරුපැදි සවාරිය අවසානය සනිටුහන් වියග ගාලු මුවදොර පිටියේදී ධාවකයින් සියලු දෙනාදල සහභාගී වූ අනෙකුත් පිරිසද ජාතික නිදහස් දිනය වෙනුවෙන් එක්වී, මෙම ගමනෙහි අත්දැකීම් බෙදා ගනිමින්, නිදහස් දිනය උත්කර්ෂවත්ව සැමරීම සිදුකෙරුණිග මෙම Freedom RIDE යතුරුපැදි සවාරිය විශාල පිරිසකගේ සහභාගීත්වය හා උනන්දුව දිනාගැනීිමට සමත් වූ අතර, එය නිදහස සැමරීමට සහ ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට මනා වේදිකාවක් සපයන ලදී.


advertistmentadvertistment