ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවයි

766

ආසියානු රග්බි ශූරතා තරගාවලිය



ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ පෙරේදා (30 වැනිදා) රාත්‍රී පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ලෝක ශ්‍රේණි ගත කිරීමට අනුව 87 වැනි ස්ථානයේ පසුවන ඉන්දියාව ලකුණු 45 – 10 ක් ලෙස පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ලෝක ශ්‍රේණි ගත කිරීමට අනුව 94 වැනි ස්ථානයේ පසුවන කටාර් රාජ්‍යය ලකුණු 33 – 31 ක් ලෙස පළමු අවසන් පූර්ව තරඟයේදී පරාජයට පත් කරමින් කසකස්ථානය මෙවර අවසන් මහ සටනට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවැනි තරගයේ පළමු දඬුවම් පහර සාර්ථක කර ගනිමින් පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වුවද අන්‍යොන්‍ය විශ්වාසයෙන් යුතු ක්‍රීඩා රටාවක නිරත වෙමින් ජයග්‍රහණය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.

ගෝල් දිනුම් 03 ක් සාර්ථක කර ගනිමින් තරගයේ ප්‍රථම භාගය ලකුණු 21 – 03 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. දෙවැනි භාගයේ දී තවත් ගෝල් දිනුම් 02 ක් සහ උත්සාහක දිනුම් 02 ක් සටහන් කර ගන්නා අතර වාරයේ දී ගෝල් දිනුමක් වාර්තා කර ගැනීමට ඉන්දියාවට හැකි විය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවක නිරත වූ පුලස්ති දසනායක (02), තෙනුක නානායක්කාර (02) තරින්ද රත්වත්තේ (01) හිරුෂ නෙත්මිණ (01) සුදර්ශන දික්කුඹුර (01) බැගින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථන 04 ක් නිවැරදි එල්ලයට යොමු කිරීමට තරින්ද රත්වත්තේ සමත් විය. හිරුෂ නෙත්මිණ සටහන් කර ගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය ද හිරුෂ නෙත්මිණ විසින්ම නිවැරදි එල්ලයට යොමු කළේය. කොළඹ රීඩ් මාවත තුරඟ තරග පිටියේදී මෙම තරග පැවැත්විණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment