ශ්‍රී ලංකාව බෲනායි හමුවේ පරදී

47

ශ්‍රී ලංකාව සහ බෲනායි දේශය අතර පැවැති තරග දෙකකින් සමන්විත තරගාවලියේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම (11දා) මුහුණදුන් දෙවැනි තරගයෙන්ද බෲනායි කණ්ඩායම හමුවේ ගෝල 1-0ක පරාජයක් ලැබීය.

තරගයේ 62 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාව කණ්ඩායමට දඬුවම් පහර අවස්ථාවක් හිමිවූ අතර එය ගෝලයක් දක්වා ප්‍රවර්තනය කරගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය ඉකුත් 08දා පැවැති අතර එහිදී ද ගෝල 1-0ක ජයක් හිමිකරගැනීමට බෲනායි කණ්ඩායම සමත් විය. එම පරාජය ජාත්‍යන්තර පාපන්දු තරගයකදී බෲනායි කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකාව පරාජය වූ පළමු අවස්ථාව ලෙසින් සටහන් විණි. මෙම තරග දෙකම බෲනායි රාජ්‍යයේ ප්‍රධානම ක්‍රීඩා සංකීර්ණය වන හසනල් බොල්කියා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම 204 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, බෲනායි එහි 194 වැනි ස්ථානයේ රැඳී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment